Wednesday, January 26, 2011

තොපෙන් අවසරයි

මේත් නවක සිසුන් හඳුනාගන්නා කාල වකවානුවේ වූවක්.
අපේ කණ්ඩායම සිංහල සිසූ සිසුවියන්ට අමතරව දෙමළ හා මුස්ලිම් ජාතික සිසු සිසුවියන් කීප දෙනෙකුගෙනුත් සමන්විත වූවා.යාපනය, නුවර එළිය, අම්පාර දිස්ත්‍රිකක වගේම කොළඹ, ගම්පහ වගේ දිස්තික්කත් ඔවුන් නියෝජනය කළා.කොළඹින්, ගම්පහින් පැමිණි අයට සිංහල භාවිතය හුරු වූවත් අනෙක් අය සිංහල දැන සිටියේ අල්ප වශයෙන්.සමහර අයෙක් නොදන්නාම තරම්.

ජ්‍යෙෂ්ඨයෝ කිසිම විටෙක ඔවුනට වෙනසක් දැක්වූයේ නැහැ.මේ අයත් අපේ අනික් සිසුන් සමගම වැඩ සටහනට සහභාගී වුණා. ඒ වකවානුවේ අපි හඳුනා නොගත්තත්, පසු කලෙකදී හඳුනාගත් දෙමළ ජාතික ජ්‍යෙෂ්ඨයින්ගෙන්වත් විශේෂ සැලකිල්ලක් ඔවුනට හිමි වූයේ නෑ අපි දැනුවත්ව නම්. කියන කිසිම දෙයක් ඔවුනට නොවැටහෙන කල, සමහර දින වලදී වැඩ සටහන මෙහෙයවූ ජ්‍යෙෂ්ඨයාගේ අනුදැනුම මත, සිංහල තේරුම් ගත හැකි අපගේම සිසුවකු භාෂා පරිවර්තක වුණා.

 මෙදිනත් සුපුරුදු පරිදි අධ්‍යයන කටයුතු නිමවී අප සියළු දෙන ආපන ශාලාවේ රැඳී සිටිනවා.එදා නියමිතව තිබුණේ ගීත-කතා ඉදිරිපත් කිරීම.ගීතයක්,එහි පද කිසිම තාලයකින් තොරව කතාවක් අකාරයෙන් පැවසීම.ගීත කතාව ඉදිරිපත් කිරීමට පෙර සැමගෙන් අවසර ගත යුතුයි.ආපන ශාලාවේ සියළුම උපකරණ,විදුලි පංකාවේ සිට මේස,පුටු දක්වාත්,අවට පෙනෙන ගහ කොළ වලිනුත් අවසර ගත යුතුයි.ආයාසයෙන් සිනා මැඩගෙන මේ කාර්යය කිරීම අපට සිතු තරම් පහසු වුයේ නෑ.මේ අවස්ථාවේදී සිනා සීම සපුරා තහනම්.

දැන් සිනා සීම නිසා ජ්‍යෙෂ්ඨයින්ගේ බැනුම් මධ්‍යයේ අසුන් ගෙන සිටි පිළිවෙලට එකිනෙකා ඉදිරියට ගොස් ඉදිරිපත් කිරීම කරනවා.මීළඟ අවස්ථාව ලැබුණේ රියාස් ට.රියාස් අම්පාරේ සිට මුස්ලිම් ජාතික පැමිණි සිසුවෙක්.ඒ තරම්ම බැරි වුණත් රියාස්ට සිංහල කතා කරන්න පුළුවන්.රියාස්ට නියම වුණේ දෙමළ ගීත කතාවක් කියන්න .ඒත් අවසර ගන්න ඕනි සුපුරුදු විදියටම.දැන් රියාස් අවසර අරගන්නවා.අන්තිමට ජ්‍යෙෂ්ඨයින්ගෙනුත් අවසර අරගෙන රියාස් ගීත කතාව පටන් ගත්තා.ඒත් රියාස්ට අපේ කණ්ඩායමෙන් අවසර ගන්න අමතක වුණා.

රියාස් කතාව පටන් ගන්න කොටම එතන සිටි  ජ්‍යෙෂ්ඨයා මෙසේ කීවා,

ජ්‍යෙෂ්ඨයා : යකෝ අපෙන් නෙමෙයි...,තොපේ එවුන්ගෙන් අවසර ගනින්.

රියාස් එතකොට අවසර ගත්තෙ මෙහෙම.

රියාස් : තොපේ එවුන්ගෙන් අවසරයි.
 
හැමෝම හිනා වෙන්න ගත්තා..හැබැයි ටික වෙලාවයි.තමන්ගෙම කෙනෙකුගේ නොදැනුවත්කමට හිනා වෙනවා කියලා කන් පිරෙන්න බැනුනුත් අහ ගත්තා

2 comments:

  1. මාස ගණනක් ලියන්න කතා ඇති මේ වගේ...

    ReplyDelete
  2. මේ වගේ කතා නම් ඇති තරම්.මතක් වෙන විදියට ලියන්නම්

    ReplyDelete