අපේ බ්ලොග්-බස් සහෝදර කැළ මහා බ්ලොග් බස් සතියක් ප්‍රකාශයට පත් කරලා.හේතුව නම් හැම කෙනාම දන්නවා ඇතිනේ.කිසිම දිනෙක මුණ ගැහිලා නොතිබුණ පිරිසක් අන්තර්ජාලය ඔස්සේ දැන හඳුනාගෙන ඉදිරියට යන ගමන අපිට හිතන්න නව මානයක් විවර කරනවා.
"අපි එකම රෑනේ කුරුල්ලෝ" ගීතය කියැවෙන්නේ ඔවුන් ගැනදෝහෝයි හිතෙනා තරම්.
ලෙන්ගතුකමින් පිරුණු මේ අපූරු සහෝදර සහොදරියන්ගේ උත්සාහය අගයන්න මේ දවස් 7 තුළ හරි බ්ලොග් එකක් ලියන්නයි මගේ මේ වෑයම. හැමදාමත් බ්ලොග් බල බල හිටියා මිසක් බ්ලොග් එකක් ලියයි කියලා කවදාද හිතුවේ.නොදන්න වැඩ කරන්න ගිහින් වරිගේ නැහෙන වැඩක් වේද මන්දා.කොහොම උණත් මුල පුරලා බලමුකෝ..
මේ ලියන්න යන්නේ එකදහස් නමසිය බර ගණන් වල උසස් පෙළ කරන්න පටන් ගනිපු අවධියේ කතාවක්;බස් කතාවක්.මට මතක හැටියට සැටලයිට් නෝනා ඔරලෝසුවේ කටු ආපස්සට කරකෝලා පාසැල් 2ට නිම වෙන කාලේ.එතකොට උසස් පෙළ පටන් ගනිපු නිසා පාසල් වෑන් රථයට සමු දීලා පාසල් බස් රථයට මාරු වුණු අලුත.
පාසල් බස් රථය නවත්වන්නේ ප්‍රධාන නගර වල විතරයි.ඉතින් ඉතුරු ටික ගෙදරට යන්න තවත් විනාඩි 45ක විතර පයින් ගමනක් තියනවා.විනාඩි 45න් 45ට ප්‍රධාන නගර 2ක් යා කරමින් ගමන් ගන්නා බස් රථය තිබුණොත් නම් විනාඩි 25කින් 30කින් විතර ගෙදරට යා ගන්න පුළුවන්.දැන් නම් විනාඩි 10න් 10ට බස් වැඩ කරනවා.ඒ කාලේ තිබුණේ පොඩි රෝසා බස්.විනාඩි 45 යනකොට කට කපලා සෙනඟ.ඇඟිල්ලක් ගහන්න බැරි තරම්.කොහොමත් පාසලේ ඉඳලා මග දිගට නැවති නැවති අපේ ගම් පළාත් කිට්ටුව තියන ප්‍රධාන නගරයට එනකොට පැයක් නම් අනිවාරෙන්ම පහු වෙනවාමයි. ඉතින් මම ප්‍රධාන නගරයට ගොඩ බහින වෙලාව කිට්ටු කරලා පිටත් වන බස් රථයේ යන එක නම් හිතන්නවත් බැරි වැඩක්.බත් පිඟාන මතක් වෙලා කොහොම හරි අහුමුල්ලක් අල්ලන් ගිය වෙලාවල් නැතිවාත් නෙමෙයි.ඒත් බොහොම වෙලාවට ගියේ ඊළඟට තියෙන බස් එකේ.
මාරුවෙන් මාරුවට බස් 4ක් තමයි ප්‍රධාන නගර දෙක යා කරලා ගමන් කළේ.බොහෝ වෙලාවට ගමන් කරන්න ලැබෙන්නේ එකම බස් රථයේ.මේ වෙලාවටම මේකට නගිනවා තවත් පාසල් 2කට ගිය මගේ මිතුරියන් දෙදෙනෙකුත්.එකියක් මට වඩා වසරක් වැඩිමහල්.අනිකා මට වඩා වසරක් බාලයි.සම වයසේ නොවුණත් දහම් පාසැල නිසා හා අහල පහල ගම් දෙකේ වීම නිසා ගොඩ නැගුණු අපූරු මිතු දමක් මේ යෙහෙළියන් හා මා අතර තිබුණා.මේ බස් රථයේ අපේ ස්ථිර ආසනය වූයේ පිටුපස ආසනය.
ගමන ඇරඹී මුල් විනාඩි 15 පහුවුණු පසු බස් රථයෙන් 3/4ක් පමණ හිස් වන්නේ මගදී හමුවන හන්දියකින් බොහෝ මගීන් බැස යන නිසා.අපේ ගම් පළාත් කිට්ටු වන විට සිටින්නේ මගීන් 7,8ක් පමණ.එකම තැනින් බැස ගියත්,එකම බස් රථයේ එකම වෙලාවට පැමිණියත් ඒ බව අමතක කොන්දොස්තර අයියා ඔය නංගිලා කොහේටද?ටිකට් ගන්න ටිකට් කියාගෙන එන්නේ මේ වෙලාවට.
ඔය කාලේ ප්‍රධාන නගරයේ ඉඳන් අපේ ගම් පළාතට නියමිත ගාස්තුව රුපියල් 2.50යි.අපි බොහෝ වෙලාවට දෙන්නේ රුපියල් 5ක් හෝ 3ක්.හැමදාමත් කොන්දොස්තර අයියා ගාව ඉතුරු දෙන්න මාරු නෑ.ශත 50ක් අඩුවෙන් ඉතිරිය.තුන් දෙනා වෙන වෙනම මුදල් ගෙව්වත් එකට ගෙව්වත් එකම ප්‍රතිඵලය.කෙනෙක් නියමිත මුදල වන 2.50 ගෙවූවත් ඊළග කෙනාටත් එකම උත්තරය.
මුලදී ඒ හැටි ගානක් නැති වුණත් සතියක් විතර යද්දී අපිට මේක දැනුණා.අතීතාවර්ජනයකින් සාක්කිත් හොයා ගත්තා.හොඳ කල්පනාවකුත් ආවා ඔලුගෙඩි වලට.කරමු හොඳ වැඩක් කියලා හිතපු අපි දවස් කීපයක් තිස්සේ පොඩ්ඩක් මහන්සි වෙලා හොයා ගත්තා නිධානයක්.
දැන් මේ සඳුදා. සුපුරුදු පරිදි අපි ආවා. වෙලාවටම එදත් තියනවා අපේ අර කොන්දොස්තර අයියා වැඩ කරන බස් එක.ඉඳ ගත්තා සුපුරුදු ආසනේම.නිධානයෙන් කොටසක් පොඩි මල්ලක දාලා කෙනෙක් අරන් ඇවිත් තිබුණේ.දැන් බස් රථය ගමන් අරඹලා.අපි තුන් දෙනා හෙමින් සැරේ මල්ලේ තිබුණු නිධානෙ බෙදා ගත්තා.එසේ මෙසේයැ.හරියට ගැණ ගන්නත් එපැයි.ශත 25 කාසිම 10 ගානේ තුන්දෙනාගේම අතේ.දැන් නම් ශත 25 කාසි හොයාගන්නත් නැතිව ඇති.මුල්ම හන්දිය පහුවුණා.ඕන් එනවා අපේ කථා නායක කොන්දොස්තර අයියා සුපුරුදු වාක්‍යය කියාගෙන.අපිත් කිසිම විශේෂයක් නොපෙන්වා කාසි ටික දුන්නා. කොන්දා අය්යාගේ මූණ ඇදවෙලා ගියා.අපට හිනා පුපුරන්න ඔන්න මෙන්න.මොකක්දෝ කියන්න කට හදන කොටම අපි අතර හිටි කටකාරිය වුණු වයසින් බාල එකී,"අයියා ඔය මාරු සල්ලි වලින් අපිට අනිත් දවසෙ ඉතුරු සල්ලි දෙන්නකෝ එහෙනම් "
කියලා කියද්දීම කොන්දොස්තර අයියා හෙමින් සැරේ ලිස්සලා ගියා.අපිට හොඳටෝම හිනා.පස්සේ අපිත් මුකුත් නොවුණු ගානට බැහැලා ආවා.ඊළඟ දවසේ නම් කොන්දොස්තර අයියා අපි ළඟට ආවේ නෑ ටිකට් ගන්න.අපි බහින වෙලාවේ එදත් ශත 25 කාසි වලින්ම ගෙව්වා.කොන්දොස්තර අයියා එපා කියන්නයැ ඉතින්.අපේ රටේ වලංගු කාසියක්නේ.හැබැයි ඊට පස්සේ නම් කවදාවත් එයාගෙන මාරු සල්ලි නෑ කියලා නම් කියවුණේ නෑ.
කොන්දොස්තරලා කරන්නේ මාරු සල්ලි ටික ඉක්මනින් දීලා ඉවර කරන එක, ඊට පස්සේ නැහැ කියලා සල්ලි ගන්න පුළුවන්නේ
ReplyDeleteමට මැවිලා පේනවා කොන්දොස්ර බුවාගේ මූන....... :D
ReplyDeleteජය වේවා...!!
මහා බස් බ්ලොග් සතිය හින්දා බ්ලොග් අවකාශය පැමිණීම ගැන මුලින්ම් ස්තුතිවන්ත වෙනවා ..............
ReplyDeleteඔය ඉතුරු සල්ලි දෙන්නේ නැති කේස් එක නම් හැම තැනම තියනවා. කඩ කාරයොත් ඕකම කරනවා. හැබැයි සත පනහේ ටොපි තමයි වැඩි පුර දෙන්නේ ............
මුතු මැණික් ගෙ අලුත් බ්ලොග් කළාව දියුණුවෙන් දියුණුවට පත් වේවා!!!!..
ReplyDeleteතවත් බස් කථාවක් නේ.... හී හී.. ඔන්න අපිත් බැලුව එහෙනන්...:-D
ඔබේ බ්ලොග්කරණයට මගෙන් සුභ පැතුම්. මම නම් බ්ලොග් ලියන්නේ නැති වුනත්, ඉඩක් ලද විටක දන්නා කියන බ්ලොග් කිහිපයක් කියවනව. මේ බ්ලොග් එකත් පුළුවන් වෙලාවට ඇවිත් කියවන්නම්.
ReplyDeleteතව දෙයක්, බ්ලොග් කරුවන් අතර තියෙන සහෝදරත්වය මම බොහොම අගය කරනව. ඒක ඉදිරියටත් තව තව ශක්තිමත් වේවා කියල ප්‍රාර්තනා කරනව.
බ්ලොග්කරනයට පැමිණීම ගැන බොහොම සන්තෝසයි. දිගු ගමනක් යනන් ආසිරි පතනවා!
ReplyDeleteබස් කතා නම් එමටයි. ඒත් කොතරම් කියෙව්වත් එපා වෙන්නෙත් නෑ. හොඳ ආරම්භයක්. දිගටම ලියමු.
ReplyDeleteම,
ReplyDeleteසෝරෝ,
වැප්,
පසන්,
උදය,
අනුරාධ,
ප්‍රියන්ත
ස්තුතියි හැමෝටම
බ්ලොග්කරනයට පැමිණීම ගැන බොහොම සන්තෝසයි. දිගු ගමනක් යනන් ආසිරි පතනවා
ReplyDeleteDar[K],හී හී..දිගු ගමනක් කොහොම වෙතත් දවස් 7ක ගමනක් නම් අනිවාරෙන් යනවා
ReplyDeleteදිගටම ලියන්න. කියවන්න අපි ඉන්නවා
ReplyDeleteරංග:ස්තුතියි බොහෝම
ReplyDeleteපරක්කු වෙලා ආවට සමාවෙන්න.... එන්න අපිත් එක්ක දුර ගමනක් යන්න... සතුට, විනෝදය, දැනුම රැගෙන.....
ReplyDeleteඅභීත: ස්තුතියි අයියේ.
ReplyDelete