මහා බ්ලොග් සතියේ අන්තිම දවසටත් ඇවිල්ලා.සතියක් තිස්සේ එක දිගටම ලියාගෙන ආවත් ඊයේ ලියන එක මග හැරුනා.කොහොම හරි එකක් ලියනවා කියලා ලියන්න ගත්තත් බාගෙට ලියලා නැවැත්තුවේ හදිසියේම ගෙදරින් පිට යන්න වූ නිසා.ඒක ඉතින් ආයේ දමන්නේ මොකටද ?
ඒ කොහොම වෙතත් මේ අද දවස වෙනුවෙන්.අද විශේෂ දවසක්.වෙන් කරලා තියෙන්නේ විශේෂ වැඩකට.බ්ලොග් අවකාශයේ සහෝදර කැළගේ එකමුතුකම ලෙංගතුකම අගයන්න ඔවුන් වෙනුවෙන් යමක් කරන්න ඕනි කියලා හිතලා ලියන්න ගනිපු මේ බ්ලොග් එක අවසන් කරන්න යන්නෙත් ඔවුන්ගේම එකකු වෙනුවෙන් ඔවුන්ගේ ඇපකැපවීම ගැන ලියලා.
"ඉලංදාරියා".දැන් ආගිය අතක් නැතිව ඉන්න දිල්ගේ අතීතයෙන් අහුලන මතකයන් බ්ලොග් අඩවිය හරහා තමයි මම ඉලංදාරියාගේ අඩවියට ගොඩ වැදුණේ.මතක හැටියට ගිය අවුරුද්දේ මැද හරියේදී වගේ.හැම වෙලේම හිතට කුතුහලයක් එක කරපු ඒ කවි සිතුවිලි වල තිබුණු නොකියූ කතාව හරියටම දැන ගන්න ලැබුණේ ගිය සතියේ.මගේ පෞද්ගලික ජීවිතයට තදින් සම්බන්ධව හිටි කෙනෙකු සිහි ගන්වන හදවතේ ගැඹුරුම තැනට ආමන්ත්‍රණය කරන මේ සටහන දෙනෙත් තෙත් කළා කීවොත් හරි. ඒ කම්පනය නොදැනුණොත් ඒ මනුෂ්‍යත්වය ඉක්මවා ලොකුම ලොකු මාර්ග ඵලයක් ලැබූ කෙනෙක් හරි, තවත් වෙන කවුරු හරි වෙන්න ඇති.
තවමත් දෙවි දේවතාවුන් වැනි මිනිසුන් අප අතර සිටින බව පසක් කරමින් සයිබර් අවකාශයේ සිටින අපේ සොයුරු සොයුරියෝ දිලුම් වෙනුවෙන් පෙළගැසිලා.වයස් භේදයකින් තොරව බ්ලොග් අවකාශයේ මහා පර්වත වැනි දැවැන්තයින්ගේ පටන් කුඩා තිතත් තරම් වන මගේ තැනට වෙනකම් එක පෙළට සිහින දකින්නෝ වෙලා.දිලුම්ගේ සිහිනය මේ හැමෝම දකින්නේ ඔවුන්ගේ ඇස් වලින්.හැමගේ එකමුතුවෙන් නොයෙකුත් ක්‍රියාකාරකම් අරඹලා.සිහින බක් මහ උළෙලේ මේ වෙනුවෙන්ම ඉඩක් වෙන් කරන්න සූදානම් වෙලා.මට දැනෙන විදියට මේ එකමුතුව,මේ ශක්තිමත්කම නිසා දිලුම් මල්ලීගේ හීනය, මේ හැමෝගෙම හීනය හැබෑ වෙන දිනය වැඩි ඈතක නොවන බව නම් විශ්වාසයි.
දිලුම් මල්ලි...,මේ හැමෝම ඔයා එක්ක.කවදාවත් ඔයාට වැටෙන්න නම් දෙන්නේ නැතිවෙයි.ලොකු පවුරක් වෙලා ඔයා ළඟම රැඳේවි.
එක රෑනේ පියාසර කරන තමන්ගේ එකකු වෙනුවෙන් එක්සිත්ව නැගී සිටින දයාබර සොයුරු සොයුරියන්ට මල් මිටක් පුද කරන ගමන් හිස නමා ආචාර කරන්නේ හරිම සතුටින්.මේ දයාබරත්වය වෙනුවෙන් මට දැනෙන හැඟීම විස්තර කරන්න වචන නැති නිසා.මේ අය ගැන නොදන්නා කෙනෙකු මේ කිසිවකු මීට පෙර දැන හැඳුනුම්කම් නොමැත්තවුන් බව දැන ගත් විට පුදුමයට පත් වෙනු නොඅනුමානයි.මේ සොඳුරු සිතැත්තන් ගැන දන්නා හෝ නොදන්නා අයකු මේ අඩවියට ගොඩ වැදෙන සම්භාවිතාවය බින්දුව වුණත් අහම්බෙකින් හෝ ගොඩ වැදුණු ඔබටයි මේ ඇරයුම.
එන්න..
ඔවුන් සමග එක්වන්න.
පෙළින් පෙළ සැබෑ වන හීනයක
පියවර තබන්න.
මුතු මැණික්
Monday, January 31, 2011
Saturday, January 29, 2011
අත්සන කාගේද?
මේකත් ඉතින් සුපුරුදු පරිදි අපේ වනමලීගේම කථාවක් තමයි.මේක සිද්ධ වුණේ මොන කාලේද කියන එක නම් මත හරියට මතක නෑ.දෙවන වසරේදී හෝ තුන් වන වසරේදී විය යුතුයි.
වනමලී සාමාන්‍ය පෙළ කරන කාලයේ ගණිතය සහ විද්‍යාව සඳහා අමතර පන්ති වලට ගිහින් තිබුණේ පිළිවෙලින් සූරවීර හා දිමුතු යන ගුරුවරුන් දෙපළ ගාවට.වනමලී මොකක් හරි දෙයක් ගැන කතා කරන්න ගත්තොත් අර මැක්කාගේ කතාව වගේ,ඒ කතාව ඉවර කරන්නේ අපේ සූරවීර සර් මේ ගැන කීවේ මෙහෙමයි, නැතිනම් අපේ දිමුතු සර් මේ ගැන කීවේ මෙහෙමයි කියලා.ඒ වෙනකොටත් ඒ ගුරුවර දෙපළ වනමලීගේ ගෙදර යනවා එනවා.
සමහර අය උසස් අධ්‍යාපනය හදාරන අතර තුරදීම රැකියාවලත් නිරත් වෙනවානේ.අපේ කණ්ඩායමෙත් මේ වගේ අය දෙතුන් දෙනෙක් හිටියා.අපේ මංගලීත් මේ වෙනකොට රැකියාවක නිරත වෙනවා.අපේ අනිත් අයටත් ඔය කාලේ බොහොම තදින් උවමනාව තිබුණා රැකියාවකුත් කරද්දීම ඉගෙනීමේ වැඩ කටයුතුත් කරන්න. අවුරුදු 2 කට සැරයක් රාජ්‍ය බැංකු සඳහා බැංකු සහායකවරු බඳවා ගැනීමට ගැසට් කරනවානේ.ඔන්න අපේ කෙනෙක්ම හරහා ඔය ආරංචිය අපේ අයටත් ලැබුණා. ඒ වෙද්දී අයදුම්පත්‍ර භාර ගන්න අවසාන දිනයට ඉතුරු වෙලා තිබුණේ දින දෙකක වැනි කාලයක්.
දැන් ඔන්න අපේ අයත් ලහි ලහියේ අයදුම්පත් සකස් කරනවා.
අයදුම්පතත් එක්ක රුපියල් 150/= ක මුදල් ඇනවුමකුත් ඇමිණිය යුතු නිසා අපේ දෙන්නෙක් හැමෝගේම අයදුම් පත් එක්කාසු කරගෙන ළඟම තිබුණු නගරයට යන්නයි සූදානම.ඒ ගමන්ම ලියාපදිංචි තැපෑලටත් දාලා වැඩේ ඉවර කරගෙනම එන්න තමයි සැලසුම තිබුණේ.ගමනට සූදානම් වෙලා හිටියේ මධුමතියි, සඳමලීයි.මේ දෙන්නා අවශ්‍ය කරන මුදලුත් අරගෙන නගරයට යන්න පිටත් වුණා.කොහොමත් නැවත පැමිණීමට පැයකට වඩා නම් අනිවාර්යයෙන්ම ගත වෙනවා.
මෙන්න පැයකට කිට්ටු වෙද්දී මේ දෙන්නා එනවා හොඳටම හිනා වෙවී.නවාතැනට ඇවිල්ලත් පුටුවකට වැටිලා හිනා වෙනවා කිසිම දෙයක් නොකිය.අපි ඇහුවාම ඇයි මේ,ගිය වැඩේ හරිද කියලා මධුමතී දික් කළා ලියුම් කවරයක් මේක බලන්නකෝ කියලා.ඒකේ තිබුණේ අපේ වනමලීගේ අයදුම්පත.ඇයි මේක ආයේ ගෙනාවේ කියලා ඇහුවාට කියන්නෙත් නෑ.හිනා වෙනවා විතරයි.ඒ සැරේ සඳමලී හිනාව අතරින්ම කීවා දෙවෙනි පිටුව බලන්න කියලා.මේ වෙලාවේ වනමලීත් එතනම හිටියා.හැමෝම එක පොදියට බැලුවා මොකක්ද මේ මෙච්චර හිනා වෙන්න කාරණය කියලා.දෙවියො සිහි වුණේ ඒක දැක්කාම.
සාමාන්‍යයෙන් අයදුම්පත් වල දානවනේ නෑදෑ නොවන කෙනෙකුගේ නම.(Non related Refree)අපේ වනමලී ඒකට දාලා තිබුණේ සුරවීර සර්ගේ නම.ඒ විතරක් නම් මදෑ.අයදුම්කාරියගේ අත්සන යොදන තැනටත් හොඳ ලස්සන ලොකූ පාපිල්ලකුත් එක්ක අත්සන් කරලා "සුරවීර බණ්ඩාර " කියලා.

Friday, January 28, 2011
හැබෑ යාළුවා
මේ වෙනකොට අපි පළමු වසර හමාර කරලා දෙවන වසරටත් ඇවිල්ලා.පළමු වසර අවසාන පරීක්ෂණය කාලේ එකට පාඩම් වැඩ කරන්න ගිහින් පටන් ගනිපු සහෝදර ප්‍රේමයක් වැඩි දියුණු වෙලා අපේ මධුමතී ප්‍රේමවන්තියක් බවටත් පත් වෙලා හිටියෙ එතකොට.ඔය කාලේ ඇරඹුනු,බොහෝ පෙම් කතා අතරමග නැවතුනත් මේ පෙම් කතාව නම් දිගටම ගලාගෙන ගියා.දැන් නම් කූඩුවකුත් හදලා.
ඔහු අපේ කණ්ඩායමේම හිටි මධුර.ඒ කාලේ මධුරට හිටියා තවත් මධුර වගේම පිස්සු යාළුවෝ ටිකකුත් සුරංග, එරංග, ඉෂාන්, රමිත් කියලා. මධුරයි, රමිතුයි,එරංගයි එකම ප්‍රමාණයේ වැඩිය උස නැති අය.ඒකට හරියන්න ඉෂානුයි, සුරංගයි හිටියා මෝල් ගස් දෙකක් වගේ. සුරංගට නම් උසට ගැලපෙන මහතක් තිබුණා.ඒකට ඉෂාන්.දැන් නම් ඉන්නවා දුටුගැමුණු බලකායේ දස මහා යෝධයෙක් වගේ.ඒ කාලේ නම් හයියෙන් හුලඟක් හැමුවත් ගහගෙන යන තරමට කෙට්ටුයි.උස වැඩි කමටද, කෙට්ටු වැඩි කමටද මන්දා හිටියෙත් කුදු වෙලා.
මධුරගේ යාළුකම නිසා මේ අයත් අපිත් එක්ක බොහොම හිතවත් වුණා. සති අන්තයේ නිවෙස් බලා ගොස් ආපසු එනවිට රැගෙන එන නොයෙක් නොයෙක් කෑම වර්ග වලින් පවා මේ අයගේ පංගුව වෙන් කර තැබීම අපේ සිරිතක්.මේ වෙනකොට තැන් තැන් වල විසිරිලා හිටි අපි කට්ටිය එක තැනකට ගාල් වෙලා හිටියේ. අපි කීව්වේ මා සහ මගේ අපාය සහායක මිතුරියෝ ටික.නේවාසිකාගාර දෙවනි වසරෙදි ලැබෙන්නේ නෑනේ.රමිත් ගේ පෙම්වතිය හා අපේම කණ්ඩායමේ සිසුවියක වු එරංගිගේ දැන් හැඳුනුම්කම් මත සොයාගත් ආයතනය අසළ නිවසක් අප හැමගේ නවාතැන වුවා.
සිංහල අළුත් අවුරුද්ද වෙනුවෙන් අපට දින කීපයක නිවාඩුවක් ලැබෙනවානේ.අවුරුදු නිවාඩුව අල්ලලා දින 4ක පොඩි චාරිකාවක් යන්න අපිට ඕනි වුණා.. චාරිකාවක් කීවේ අපි කට්ටියගේ ගෙවල් වන්දනා කරන්න.ගෙවල් වලට කණිපින්දම් කියලා බොහොම අමාරුවෙන් අවසර අරගෙන අවුරුදු දවස් පහු වෙලා 16 වෙනිදා අපි හැමෝම කොටුව දුම්-රිය ස්ථානයට එකතුව වෙලා ගමන් ඇරඹුවා කෝච්චියේ කුරුණෑගල යන්න.මුලින්ම වනමලීගේ ගෙදර.ඊළඟට සඳමලීගේ.වනමලී එනවා කීවේ කුරුණෑගලට.ඉතින් අපේ සහායට මග පෙන්වන්නෝ විදියට එදාට විතරක් එන්න අපේ මිතුරෝ කැමති වුණා.දවල් අහාරය වනමලීගේ නිවසෙන් සප්පායම් වෙලා,හවස් වරුවේ සඳමලීගේ නිවසත් පැදකුණු කරලා අපේ මිතුරෝ යන්න ගියා.එදා රෑ අපි කට්ටිය නැවතුණේ සඳමලීගේ ගෙදර.ඊළඟ දවසේ ගමනාන්තය ගම්පහ පළාතේ.ඒ පැත්තේ බොහොම ප්‍රසිද්ධ සිද්ධස්ථානයක් කිට්ටුව තමයි අපේ මංගලී හිටියේ.අපේ ඉෂානුත් ඔය අහල පහළම.මංගලීගේ නිවසෙන් එදා දවල් ආහාර අරගෙන අපි ගියා ඒ සිද්ධස්ථානයට උපන් දා සිට කරපු පව් සමා කර ගන්න.තව ඒ කිට්ටුව හිටි අපේ කණ්ඩායමේම සංඛත්, ඉෂානුත් ඒ සිද්ධස්ථානයට ඇවිත් හිටියා.
සිද්ධස්ථානේ වැඳපුදා ගත්තාට පස්සේ අපි ආපසු ගමන් ඇරඹුවා මංගලීගේ නිවස බලා.ඒ මාර්ගයේම ටිකක් එහාට වෙන්න තමයි ඉෂාන් ගේ නිවස තියෙන්නේ කියලා මංගලී කියන කොටම අපේ වනමලී කීවා "එහෙනම් ඉෂා අපි දැන් එහෙත් එන්නම්" කියලා. ඉෂාන් ටිකක් වෙලා කල්පනා කරලා
"හා එහෙනම් යමුකෝ,හැබැයි ටිකක් දුර පයින් යන්න ඕනි,කමක් නෑනේ " කියලා අදාළ බස් නැවතුමෙන් බැස්සා.එතන ලොකු හන්දියක්.කොච්චර වෙලා යයිද පයින් යන්න කියලා අහද්දී මෙන්න ඉෂාන් කියනවා විනාඩි 45ක් විතර යන්න ඕනෙලු.එහෙනම් ත්‍රී වීල් වල යමු කියලා ,ත්‍රී රොද රථ 3ක් අරගෙන අපි දැන් යනවා ඉෂාන්ලගේ ගෙදර.මගේ අප්පේ එහෙම යාමක්.ත්‍රී වීල එකේම ගියා විනාඩි තිහක්.පාරට තාර දාලත් නෑ.වල ගොඩැලි එමට.වලවල් වල වැටි වැටී ගැස්සී, ගැස්සී වංගු සහිත පාරක ඔය වගේ ගමනක් විනාඩි 30ක් යනකොට දැනෙන සනීපෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.අපි මග දිගට කතා වුණේ මේ පාරේ විනාඩි 45කින් පයින් යනවා ඇත්තේ ඉෂාන් දුව දුව වෙන්න ඇති කියලා.
ගිහින් ගිහින් තව අතුරු පාරකත් ගියාද මන්දා.කොහොම හරි පාරේ කෙළවරම වෙල් යායක් එක්ක ටිකක් ලොකු වත්තක මැද්දේ තමයි ඉෂාන් ගේ තිබුණේ.ත්‍රීවීල් තුන පේළියට ගිහින් නැවැත්තුවා.දොර ගාව මතු වුණා බොහොම සද්දන්ත කෙනෙක්.ඉෂාන් ඇරුණාම ගෙදර ඉන්න එකම පිරිමියා ඉෂාන්ගේ තාත්තා බව දන්න නිසා අපි දැන ගත්තා ඒ කව්ද කියලා.තාත්තාගේ ඇස් එළියට පනින්න ඔන්න මෙන්න.දැන් අපි එකා එකා බහිනවා.මේ කොහෙන් ආපු අයද කියලා තාත්තා බලන්න ඇති."ඔය ළමයි.. "කියලා අහන කොටම අපේ ඉෂානුත් බැස්සා එළියට."අපි ඉෂාන් ගේ යාළුවෝ තාත්තේ" කියලා අපේ වනමලී උත්තර දුන්නා.තාත්තා ඉෂාන් දිහාත් බලලා ගේ ඇතුළට ගියා.
ඊට පස්සේ අක්කලා ඇවිත් අපිව පිළි ගත්තා.ඉෂාන්ගේ අක්කලා අම්මා අපිට උපරිමෙන් සංග්‍රහා කළා.තාත්තාත් අපි එක්ක කතා බහ කළා වෙනසක් නැතිව.ඉෂාන්ගේ වත්තේ පළතුරු පිරිලා.වෙල අයිනට වෙන්න පොඩි මඩු කෑල්ලකුත් තිබුණා මතකයි.ඒක අපේ ඉෂාන් ගේ පන්ති පවත්වන ස්ථානය කියලා තමයි අක්කලා කීවේ.අයේ ඉතින් ආරාධනා කරනකන් ඉන්නේ මොකටද කියලා අපි ඵලවැලත් නෙළන්න ගත්තා.අම්මා වරක ගෙඩියකුත් කඩලා සුද්ධ කරලා දුන්න මතකයි..ගස් වෙල ගෙඩි හැදෙන්නේ කන්නනේ ඉතින්.එතකොට තමයි හොඳම වැඩේ වුණේ.අපි ගස් පාළු කරන කොට තාත්තා ආවා අපේ උදව්වට.කතා කරන ගමන් අපි එක එක්කෙනාගේ විස්තර අහනවා.එක එක්කෙනාගේ මුණු හොඳට බලනවා.ඉෂාන් පේන්න හිටියේ නෑ.ටිකකින් තාත්තා අහනවා
"දැන් එතකොට ඔය ළමයින්ගෙන් කව්ද ඉෂාන්ගේ හැබෑ යාළුවා...?"
අපි කකා හිටි පේර හිරවුණා වගේ අපිට දැනුනේ.වනමලී ඉක්මනටම කීවා "අපි ඔක්කොම හැබෑ යාළුවෝ තමයි තාත්තේ" කියලා.තාත්තා මොනා හිතුවාද දන්නේ නෑ.
ඊට ටික වෙලාවකට පස්සේ අපි එහෙන් ආවා.අම්මයි,අක්කලාත් අපි එක්ක ඇවිත් තවත් කොහේදෝ පන්සලකටත් අපිව එක්කන් ගියා.එතනත් වැඳලා අපි එන්න ආවා මංගලී ගේ ගෙදර.ආයේ එහෙ එන්න කියලා අක්කලාගෙන් ආරාධනයකුත් ලැබුණා.
මංගලීගේ ගෙදර ඇවිල්ලත් අපි හිනා වෙවී කතා වුණේ තාත්තා අහපු ප්‍රශ්නෙ ගැන.එවෙලේ ගානක් නැති වුණත්,කෙල්ලෝ 8ක් එක්ක ලොකු හන්දියකින් බැහැලා එනකොටයි, කෙල්ලො 8ක් එක්ක තාත්තා ඉස්සරහා ත්‍රී වීල් වලින් බහින්නයි වුණාම ඉෂාන් කොච්චර ලොකු අපහසුතාවකට පත් වෙන්න ඇතිද කියලා අපිට තේරුණේ එතකොට.ඉෂාන් ගේ හොඳ කමට අපිට එන්න එපා කීවේ නෑ.තාත්තාට වුණත් මොනා හිතෙන්න ඇතිද තමාගේ එකම පුතණ්ඩියා කෙල්ලෝ රෑනක් එක්ක ගෙදරට ආවාම.
දැනටත් අපි කට්ටිය එකට මුණ ගැහුනාම මේ සිද්ධිය මතක් කරලා හිනා වෙනවා.ඉෂාන් නම් තාමත් දන්නේ නැතිද මන්දා මේ ගැන.

Thursday, January 27, 2011
කොපි කිරීම
උසස් අධ්‍යාපනය ලබන කාලේ පළමු වසරේදි අපට ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ මූලධර්ම කියලා විෂයක් ඉගෙන ගන්න තිබුණා.අපට දේශන කළේ බොහොම තද නීති තියෙන අකුරට වැඩ කරන ආචාර්යවරයෙක්.විනාඩි 2,3ක් වත් ප්‍රමාද නොවී දේශන ආරම්භ කිරීමත්, නියමිත වේලාවට වඩා විනාඩියක්වත් රැඳී නොසිට දේශන ශාලාවෙන් පිටවීමත් මෙතුමාගේ සිරිතක්.අපි හැමෝම මේ කාලයේදී එතුමාට සැළකුවේ බිය මුසු ගෞරවයකින්.(එතකොට ඉතින් පටන් ගත්තා විතරනේ.වසරින් වසර ඉහළට යද්දී නම් එතුමා කෙරෙහි තිබුණු ගෞරවය සම්පූර්ණයෙන්ම නැති වුණා.)දේශන මග හැර අසුවුවෝතින් මෙතුමාගෙන් කිසිම සමාවක් තිබුණේ නැහැ.අදාළ විෂය කරුණු සරලව තේරුම් ගත හැකි පරිදි පැහැදිලි කිරීම නිසා මේ දේශනය අපිට ඒ හැටි කම්මැලි වූයේ නෑ.මේ හේතුව නිසා හෝ ආචාර්යතුමාට තිබුණු බය නිසා හෝ බොහෝ විට මේ දේශනය සඳහා හැමදෙනා නොවරදවා සහභාගී වුණා.
සාමාන්‍යයෙන් අදාළ විෂය සඳහා සතිපතා පැවරුම් ලබා දෙනවා.පිළිතුරු පත භාරදිය දිය යුතු අවසාන දිනයත්,වේලාවත් මෙහිම සඳහන්.සිරිතක් වශයෙන් අවසාන දිනයේ අවසාන පැය තුළ මිසක් ඊට කලියෙන් නම් පැවරුම ආපසු භාර දෙනවා බොරු.ඒ තරමටම අපේ අය අධ්‍යාපනයට උනන්දුයි.පිරිමි ළමුන්ගේ උනන්දුව ගැන කියනවා නම් එක්කෙනෙක් දෙන්නෙක් ඇර අනෙක් අය නම් පැවරුම ලියන්නේත් නෑ.අත් අකුරු වැඩි දියුණු කර ගැනීම සඳහා පොඩි පන්ති වලදී හුරු වූ බලා ලිවීමේ පුරුද්ද මග හැර ගන්නට මේ වෙන කොටත් ඔවුනට අපහසුයි.බලා ලිවීමත් නොකොට ඉබේ පිළිතුරු පත්‍ර පහළ වෙනතුරු සිටින අයත් බොහෝමයි.
මේ කාලේ අපට කණ්ඩායම් හැඟීම කියන උණ තදින්ම තිබුණු කාලයක්.අපේ ආදරණීය සහෝදරයෝ වෙනුවෙන් අත් කඩාගෙන උදේ ඉඳන් පිළිතුරු ලිවීම තමයි මෙදිනට අපට තියන ප්‍රධාන රාජකාරිය.හැම ගැහැණු ළමයකුම අනිවාර්යයෙන්ම පැවරුම් 2,3 ක් නම් ලියන්න ඇති.මොකද කණ්ඩායමේ ගැහැණු ළමයින් හීටියේ 3:1 අනුපාතයට.ඒ කාලයේ නම් මේ කරන්නේ බොරු වැඩක් කියලා හිතුණේ නෑ කාටවත්ම.. දැන් නම් මතක් වෙද්දි හිතෙනවා අපට පිස්සු කියලා.ඒත් ඉතින් පැවරුම් වලටත් අවසාන පරීක්ෂණ වලදී යම් ලකුණු ප්‍රතිශතයක් ලැබෙන නිසා ඒ දේවල් ගැන සතුටු වෙන්නත් පුළුවන්.
සාමාන්‍යයෙන් පැවරුම් ලකුණු කරන්නේ සහය කථිකාචාර්යවරුන් විසින් නිසා මේ පිළිබඳව ඒ හැටි ගැටළු මතු වන්නේ නෑ.
ඒ ඉතින් පිරිමි ළමයිනේ.මෙයාලා වගේම තමයි අපේ වනමලීත්.කවදාවත් පැවරුමක් කරන්නේ නෑ.ඒ තියා විෂය සටහන්වත් නෑ.මුල් සෙමෙස්ටරයේ තිබුණු විෂයයන් හයේම සටහන් තිබුණේ හාල්පොත වගේ පාවිච්චි කළ CR පොතක.ඒත් පිළිවෙලකට නෙවෙයි.ඔක්කෝම එක ගොඩේ.ඒක බැලුවාම පිස්සු හැදෙන්නේ අපට.සමහර පේළි නිකන්ම නිකන් දිග ඉරි කෑලි විතරයි.හැබැයි මොනා නැතත් වනමලී දේශන වලට සවන් දීගෙන නම් ඉන්නවා.අපි දේශන වලට සවන් දෙන අතර තුර වැදගත් කියලා හිතෙන කරුණුත් සටහන් කර ගන්නවානේ.විශේෂයෙන් කලින් කියපු ආචාර්යතුමා සමහර දින වලදී අපට ලියා ගැනීමට සටහන් දෙනවා.කියවන්නේ නිකන් සීඝ්‍රගාමී දුම්-රියක් යනවා වගේ.ඉතින් ඉලෙක්ට්‍රොනික විද්‍යාවට අදාළ අමුතු ඉංග්‍රීසි වචන සමහර ඒවා ලියවෙන්නේ කෑලි.මේවා අයේ කියවනකොට ඔලුවට එන්නේ කිසිම සම්බන්ධයක් නැති වාක්‍යය.ශබ්ද කෝෂ පෙරළලා බලන විට සමහර අපි ලියාගෙන තියෙන වචන ඒවායෙත් නෑ.
මේ කියන දවසෙත් සුපුරුදු පරිදි අපේ ආචාර්යතුමා දේශන සඳහා පැමිණියා. ඒත් ඔහු අතේ කොළ මිටියක්.කිසි කෙනෙක් ඒ පිළිබඳව අවධානය යොමු කළේ නෑ.එදා තිබුණේ පැයක දේශනයක්.දේශනය විනාඩි 30කින් අවසන් කළ දේශක තුමා කොළ මිටිය අදින්න ගත්තා.දැන් අපට පේනවා මේ අපි කලින් සතියේ භාර දුන් පැවරුම් කියලා.මේවායින් එකක් අරන් එහි සඳහන් ලියාපදිංචි අංකය පැවසූ ආචාර්යතුමා අදාළ පුද්ගලයාට ඉදිරියට එන්න කීවා.අංකය අපේ මධුමතීගේ.ඇය ඉදිරියට ගියා.දැන් ආචාර්යතුමා ලොකු දේශනාවක් කරනවා.පැවරුම් කොපි කිරීම ගැන.ආචාර්යතුමාගේ හැටි දන්නා නිසා අපි හැමෝම දැන් බය වෙලා.මුලින් ඉංග්‍රීසියෙන් පටන් ගනිපු දේශනාව ටිකකින් සිංහල වුණා.මධුමතී ශාලාව ඉදිරියේ.මෙන්න ටිකකින් අපේ වනමලී අපි කිසිවකුට නොදන්වා යනවා තාරා ගමනින් ඉස්සරහට.
කියවිල්ල නවත්තපු සර් වනමලීගෙන ඇහුවා මෙහෙම.
සර්: why are you coming here?
බොහෝම බයාදු විදියට සර් දිහා බලපු වනමලී කියනවා මෙහෙම,
වනමලී: සර්....,මමයි මධුමතීගේ tute එක බලාගෙන කොපි කෙරුවේ.
ඒ කියපු විලාසයට නම් සර්ට පොඩි හිනාවක් ආවා.ඒත් ඒ බව නොපෙන්වා දෙන්නාටම අවසාන වතාවට සමාව දෙනවා කියලා හැමෝටම ආයෙත් ටිකක් අවවාදත් දීලා පැවරුම බෙදා ගන්න කියලා සර් ගියා.
වුණේ මොකක්ද කියලා හිතා ගන්න බැරිව හිටි අපට සිදුවෙලා තියෙන සන්තෑසිය තේරුම් ගියේ පැවරුම් අතට ආවාට පස්සේ.
අපේ වනමලීගේ බලා ලිවීම කොච්චර හොඳද කියනවා නම්, පැවරුමට අදාළ කරුණු විතරක් නෙවෙයි, පැවරුමේ මුල් පිටට දාලා තිබුණු මධුමතීගේ නමයි, ලියාපදිංචි අංකයයි එක්කම බලා ලියලා....

Wednesday, January 26, 2011
තොපෙන් අවසරයි
මේත් නවක සිසුන් හඳුනාගන්නා කාල වකවානුවේ වූවක්.
අපේ කණ්ඩායම සිංහල සිසූ සිසුවියන්ට අමතරව දෙමළ හා මුස්ලිම් ජාතික සිසු සිසුවියන් කීප දෙනෙකුගෙනුත් සමන්විත වූවා.යාපනය, නුවර එළිය, අම්පාර දිස්ත්‍රිකක වගේම කොළඹ, ගම්පහ වගේ දිස්තික්කත් ඔවුන් නියෝජනය කළා.කොළඹින්, ගම්පහින් පැමිණි අයට සිංහල භාවිතය හුරු වූවත් අනෙක් අය සිංහල දැන සිටියේ අල්ප වශයෙන්.සමහර අයෙක් නොදන්නාම තරම්.
ජ්‍යෙෂ්ඨයෝ කිසිම විටෙක ඔවුනට වෙනසක් දැක්වූයේ නැහැ.මේ අයත් අපේ අනික් සිසුන් සමගම වැඩ සටහනට සහභාගී වුණා. ඒ වකවානුවේ අපි හඳුනා නොගත්තත්, පසු කලෙකදී හඳුනාගත් දෙමළ ජාතික ජ්‍යෙෂ්ඨයින්ගෙන්වත් විශේෂ සැලකිල්ලක් ඔවුනට හිමි වූයේ නෑ අපි දැනුවත්ව නම්. කියන කිසිම දෙයක් ඔවුනට නොවැටහෙන කල, සමහර දින වලදී වැඩ සටහන මෙහෙයවූ ජ්‍යෙෂ්ඨයාගේ අනුදැනුම මත, සිංහල තේරුම් ගත හැකි අපගේම සිසුවකු භාෂා පරිවර්තක වුණා.
මෙදිනත් සුපුරුදු පරිදි අධ්‍යයන කටයුතු නිමවී අප සියළු දෙන ආපන ශාලාවේ රැඳී සිටිනවා.එදා නියමිතව තිබුණේ ගීත-කතා ඉදිරිපත් කිරීම.ගීතයක්,එහි පද කිසිම තාලයකින් තොරව කතාවක් අකාරයෙන් පැවසීම.ගීත කතාව ඉදිරිපත් කිරීමට පෙර සැමගෙන් අවසර ගත යුතුයි.ආපන ශාලාවේ සියළුම උපකරණ,විදුලි පංකාවේ සිට මේස,පුටු දක්වාත්,අවට පෙනෙන ගහ කොළ වලිනුත් අවසර ගත යුතුයි.ආයාසයෙන් සිනා මැඩගෙන මේ කාර්යය කිරීම අපට සිතු තරම් පහසු වුයේ නෑ.මේ අවස්ථාවේදී සිනා සීම සපුරා තහනම්.
දැන් සිනා සීම නිසා ජ්‍යෙෂ්ඨයින්ගේ බැනුම් මධ්‍යයේ අසුන් ගෙන සිටි පිළිවෙලට එකිනෙකා ඉදිරියට ගොස් ඉදිරිපත් කිරීම කරනවා.මීළඟ අවස්ථාව ලැබුණේ රියාස් ට.රියාස් අම්පාරේ සිට මුස්ලිම් ජාතික පැමිණි සිසුවෙක්.ඒ තරම්ම බැරි වුණත් රියාස්ට සිංහල කතා කරන්න පුළුවන්.රියාස්ට නියම වුණේ දෙමළ ගීත කතාවක් කියන්න .ඒත් අවසර ගන්න ඕනි සුපුරුදු විදියටම.දැන් රියාස් අවසර අරගන්නවා.අන්තිමට ජ්‍යෙෂ්ඨයින්ගෙනුත් අවසර අරගෙන රියාස් ගීත කතාව පටන් ගත්තා.ඒත් රියාස්ට අපේ කණ්ඩායමෙන් අවසර ගන්න අමතක වුණා.
රියාස් කතාව පටන් ගන්න කොටම එතන සිටි ජ්‍යෙෂ්ඨයා මෙසේ කීවා,
ජ්‍යෙෂ්ඨයා : යකෝ අපෙන් නෙමෙයි...,තොපේ එවුන්ගෙන් අවසර ගනින්.
රියාස් එතකොට අවසර ගත්තෙ මෙහෙම.
රියාස් : තොපේ එවුන්ගෙන් අවසරයි.
හැමෝම හිනා වෙන්න ගත්තා..හැබැයි ටික වෙලාවයි.තමන්ගෙම කෙනෙකුගේ නොදැනුවත්කමට හිනා වෙනවා කියලා කන් පිරෙන්න බැනුනුත් අහ ගත්තා

Tuesday, January 25, 2011
දෙවෙනි දවසේ
හා හා පුරා කියලා ඊයේ ලියලා ගිය පෝස්ට් එකට කට්ටිය ඇවිත් කොමෙන්ටුත් දාලා.හැමෝටම ස්තුති ආයෙමත්.ලියපු දේට තත්ව සහතික දෙන්න පුළුවන් ඒ ඇත්තොන්ටම තමයි.ඒත් දිගටම ලියන්න පුළුවන් වෙයිද කියන එක නම් හිතන්න කාරණයක්.කවදා ලියාපු බ්ලොග් ද කීවාලු.ඊයේ රෑ නින්දට ගිහිල්ලත් කල්පනා කළේ ලොකුවට පටන් ගත්තාට දැන් මොනවාද ලියන්නේ කියලා.කොහොම වෙතත් ඉදිරිය ගැන මේ සතිය පහු කරලාම බලමු.
මට ඉන්නවා ප්‍රාණ සම මිතුරියෝ අට දෙනෙක්.මේ අය මට මුණ ගැහුණේ පාසල් අධ්‍යාපනය හමාර කරලා උසස් අධ්‍යාපනය ලබන කාලේ.පාසල් කාලයේ හිටිය හොඳම මිතුරියන්ගෙන් දැනටත් ඉඳලා හිටලා හරි දුරකථන ඇමතුමක් හරි දෙන්නේ එක්කෙනෙක් පමණයි.අනික් අයගේ යාළු කම් මූණු පොතට විතරක් සීමා වෙලා.මේ කියන මිතුරියන් එහෙම නෙවෙයි.දුකට සැපට හැම දේටම එකා වගේ ඉන්න අය.මේ අයගේ ගම් පළාත් කුරුණෑගල,කළුතර, ගාල්ල, ගම්පහ, කොළඹ, මහනුවර ආදී ලංකාවේ විවිධ දිස්ත්‍රික්ක වල.මේ වෙනකොට විවිධ රැකියා වල නිරත වුණත් අවශ්‍ය වෙලාවකදී මොන ලෝකේ ඉඳන් හරි එන්න මේ අය පසුබට වෙන්නේ නෑ.වනමලී,සඳමලී,සපුමලී,මධුමතී,ලිලානි,මනෝරි,මංගලී,මැණික් තමයි මේ අය.මේ එකක් වත් සැබෑ නම් නෙවෙයි.
ඉතින් ඔය කියන කාලේ අපි උසස් අධ්‍යාපන ආයතනයට ඇතුල් වෙලා ඉංග්‍රීසි ඉගෙන ගන්නවා.අපිට මාස 4 ක්ම ඔය වැඩේ කරන්න වුණා අපිට පස්සේ අවුරුද්දේ උසස් පෙළ කරපු අයත් එනකන්.අපි කලින් අවුරුද්දේ අගෝස්තුවේ උසස් පෙළට පෙනී සිටියත්,මේ කියන අවුරුද්දේ උසස් පෙළ තිබුණේ අප්‍රේල් වල.ඒ වර්ෂයේ අග භාගයේ ඉඳන් ඊළඟ වර්ෂයේ මාර්තු වෙනකන්ම අපිට ඉංග්‍රීසි ඉගෙන ගන්න වුණා පාසල් යන කාලේ අවුරුදු 11ක් ඉගෙන ගත්තා මදිවට.මේ කාලයට සමාන්තරවම ඒ ආයතනයේ තිබුණා නවක සිසු සිසුවියන් හඳුනා ගන්නා වැඩ සටහනක්.ජ්‍යෙෂ්ඨයෝ විසින් සංවිධානය කරපු.මේ වැඩසටහන නොයෙක් අය නොයෙක් ආකාරයෙන් අර්ථ දක්වනවා.ඒ දේවල් ඒ අයම කතා කරගනිපුවාවේ.
ඉතින් අපේ සමහර අය මේ වෙනකොට නේවාසිකාගාරෙත්, සමහර අය ආයතනය අවට නිවෙස් වලත් තමයි නවාතැන් ගෙන හිටියේ.නේවාසිකාගාර ලබා දෙන දුර අනුව මට නේවාසිකාගාර පහසුකම් ලැබුණේ නැහැ.මාත් හිටියේ අවට නිවසක.අපි කට්ටිය බොහොම එකතුයි මේ කාලෙත්.අපේ වනමලී ඒ කාලයේ බොහොම මහතයි.ඇවිදින්නෙත් තාරාවෙක් යනවා වගේ දෙපැත්තට වැනි වැනී.වනමලී කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොතුහැර කියන ගම් පළාතේ.වනමලී ගැන කියනවා නම් අංක් එකේ පිස්සු පූසියෙක්.බොහෝම හිත හොඳ කෙනෙක්.නොදන්න කෙනෙක් කතාවට වැටුණොත් බලන් හිටියා වගේ බොරු කියලා එයා ගැන හොඳටෝම දන්න වග අගවන්න ඇය හරිම දක්ෂයි.දැන් ඇය අගනුවර ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක උසස් පෙළ ගුරුවරියක් ලෙස කටයුතු කරනවා.
ජ්‍යෙෂ්ඨයෝ සංවිධානය කළ හඳුනාගැනීමේ වැඩ සටහන සඳහා අපි හැම දෙනාම අනිවාරෙන්ම සහභාගී විය යුතුයි.මේ සඳහා නියමිත වෙලාවක් තිබුණා.බොහෝ වෙලාවට අධ්‍යයන කටයුතු නිමවීමෙන් පසු එළඹෙන පැයක පමණ කාලයක් මේ සඳහා ඔවුන් යොදා ගත්තා.2.30 වෙද්දී ඉංග්‍රීසි පන්තිය හමාර වන නිසා කාල වේලාව පිළිබඳ ගැටළුවක් පැන නැගුණේ නෑ.මේ වැඩ සටහන ක්‍රියාත්මක වුයේ ආපන ශාලාවක් තුළදී.ජ්‍යෙෂ්ඨයෝ පිළිබඳව අප තුළ වූයේ බිය මුසු ආකල්පයක් වූවත් වනමලී ඔවුන් දෙස බැලුවේ වෙනස් ආකාරයකින්.යම් කිසි මාතෘකාවක් යටතේ ඉදිරියට ගොස් කතාවක් කිරීමකදී වුවත් ඇය කළේ අදාළ මාතෘකාව ඔස්සේ පටන් ගෙන ඊට කිසිම අදාළත්වයක් නැති හාස්‍ය මුසු මගකින් කතාව හමාර කිරීමයි.මේ නිසා ඇය ජ්‍යෙෂ්ඨයින්ගේ බැනුම් වලට ලක්වෙන වාර අනන්තයි.නරඹන අපට එය මහත් විනෝදයක් ගෙන දුන් අතර සමහර ජ්‍යෙෂ්ඨයෝ පවා අපට හොර රහසෙන් ඇයගේ මේ විකාර වලට සිනාසෙනවා අප දැක තිබේ.
මෙදින තිබුණේ ඉදිරියට ගොස් තමා පිළිබඳව කෙටි විස්තරයක් කිරීමට.දැන් වනමලීගේ වාරය.ඇය ඉදිරියට ගොස් අපට මුහුණලා සිටිනවා.ඇයට පිටුපසින් ජ්‍යෙෂ්ඨයෝ රැසක්.දැන් එක් ජ්‍යෙෂ්ඨයෙක් ඇගෙන් ප්‍රශ්න කරනවා.
ජ්‍යෙෂ්ඨයා : නම?
ඇය : වනමලී
ජ්‍යෙෂ්ඨයා : ගම?
ඇය : කුරුණෑගල පොතුහැර
ජ්‍යෙෂ්ඨයා : පොතුහැර ප්‍රසිද්ධ මොනාටද කියලා දන්නවාද?
ඇය : ඔව්
ජ්‍යෙෂ්ඨයා : මොනවටද?
ඇය : බොරු වලට
දැන් අපි හැමෝම හිනා තද කරගෙන ඉන්නවා.සමහර පසුපසට ජ්‍යෙෂ්ඨයෝ හැරී හිනා වෙනවා.මේ අතර අර කලින් කතා කළ ජ්‍යෙෂ්ඨයා තව ජ්‍යෙෂ්ඨයකු ඉදිරියට කැඳවා පෙන්වමින්,
ජ්‍යෙෂ්ඨයා : මේ ජ්‍යෙෂ්ඨ උත්තමයාව දැකලා තියනවාද?
ඇය : ඔව්
ජ්‍යෙෂ්ඨයා :කොහේදීද?
ඇය : කුරුණෑගලදි
ජ්‍යෙෂ්ඨයා :කුරුණෑගල කොහෙදිද?
ඇය : දුම්-රිය නැවතුම් පොළේදියි,කෝච්චියේදියි.(මේ වෙලාවේ අපිට ඉංග්‍රීසි වචන කියන්න තහනම්)
ජ්‍යෙෂ්ඨයා :එතන මොනා කරනවාද?
ඇය :මෙතන කීවට කමක් නැතිද?
ජ්‍යෙෂ්ඨයා : මෙතන නැතිව කොහේ ගිහින් කියන්නද?කියන්නයි කිව්වේ.(රකුසු වෙස් ගෙන අඩි පොළවේ හප්පමින්)
ඇය : කෝච්චියේ කඩල විකුණනවා
හැමෝටම හිනා නවත්තගන්න බෑ.එතෙක් වෙලා යකා මූණක් ආරූඪ කරන් සිටි ජ්‍යෙෂ්ඨයාට තමා සිටින්නේ කොතැනද කියලාත් අමතක වෙලාගියා.

Monday, January 24, 2011
බ්ලොග් ලියන බස් දුවන සහෝදරත්වය වෙනුවෙන්
අපේ බ්ලොග්-බස් සහෝදර කැළ මහා බ්ලොග් බස් සතියක් ප්‍රකාශයට පත් කරලා.හේතුව නම් හැම කෙනාම දන්නවා ඇතිනේ.කිසිම දිනෙක මුණ ගැහිලා නොතිබුණ පිරිසක් අන්තර්ජාලය ඔස්සේ දැන හඳුනාගෙන ඉදිරියට යන ගමන අපිට හිතන්න නව මානයක් විවර කරනවා.
"අපි එකම රෑනේ කුරුල්ලෝ" ගීතය කියැවෙන්නේ ඔවුන් ගැනදෝහෝයි හිතෙනා තරම්.
ලෙන්ගතුකමින් පිරුණු මේ අපූරු සහෝදර සහොදරියන්ගේ උත්සාහය අගයන්න මේ දවස් 7 තුළ හරි බ්ලොග් එකක් ලියන්නයි මගේ මේ වෑයම. හැමදාමත් බ්ලොග් බල බල හිටියා මිසක් බ්ලොග් එකක් ලියයි කියලා කවදාද හිතුවේ.නොදන්න වැඩ කරන්න ගිහින් වරිගේ නැහෙන වැඩක් වේද මන්දා.කොහොම උණත් මුල පුරලා බලමුකෝ..
මේ ලියන්න යන්නේ එකදහස් නමසිය බර ගණන් වල උසස් පෙළ කරන්න පටන් ගනිපු අවධියේ කතාවක්;බස් කතාවක්.මට මතක හැටියට සැටලයිට් නෝනා ඔරලෝසුවේ කටු ආපස්සට කරකෝලා පාසැල් 2ට නිම වෙන කාලේ.එතකොට උසස් පෙළ පටන් ගනිපු නිසා පාසල් වෑන් රථයට සමු දීලා පාසල් බස් රථයට මාරු වුණු අලුත.
පාසල් බස් රථය නවත්වන්නේ ප්‍රධාන නගර වල විතරයි.ඉතින් ඉතුරු ටික ගෙදරට යන්න තවත් විනාඩි 45ක විතර පයින් ගමනක් තියනවා.විනාඩි 45න් 45ට ප්‍රධාන නගර 2ක් යා කරමින් ගමන් ගන්නා බස් රථය තිබුණොත් නම් විනාඩි 25කින් 30කින් විතර ගෙදරට යා ගන්න පුළුවන්.දැන් නම් විනාඩි 10න් 10ට බස් වැඩ කරනවා.ඒ කාලේ තිබුණේ පොඩි රෝසා බස්.විනාඩි 45 යනකොට කට කපලා සෙනඟ.ඇඟිල්ලක් ගහන්න බැරි තරම්.කොහොමත් පාසලේ ඉඳලා මග දිගට නැවති නැවති අපේ ගම් පළාත් කිට්ටුව තියන ප්‍රධාන නගරයට එනකොට පැයක් නම් අනිවාරෙන්ම පහු වෙනවාමයි. ඉතින් මම ප්‍රධාන නගරයට ගොඩ බහින වෙලාව කිට්ටු කරලා පිටත් වන බස් රථයේ යන එක නම් හිතන්නවත් බැරි වැඩක්.බත් පිඟාන මතක් වෙලා කොහොම හරි අහුමුල්ලක් අල්ලන් ගිය වෙලාවල් නැතිවාත් නෙමෙයි.ඒත් බොහොම වෙලාවට ගියේ ඊළඟට තියෙන බස් එකේ.
මාරුවෙන් මාරුවට බස් 4ක් තමයි ප්‍රධාන නගර දෙක යා කරලා ගමන් කළේ.බොහෝ වෙලාවට ගමන් කරන්න ලැබෙන්නේ එකම බස් රථයේ.මේ වෙලාවටම මේකට නගිනවා තවත් පාසල් 2කට ගිය මගේ මිතුරියන් දෙදෙනෙකුත්.එකියක් මට වඩා වසරක් වැඩිමහල්.අනිකා මට වඩා වසරක් බාලයි.සම වයසේ නොවුණත් දහම් පාසැල නිසා හා අහල පහල ගම් දෙකේ වීම නිසා ගොඩ නැගුණු අපූරු මිතු දමක් මේ යෙහෙළියන් හා මා අතර තිබුණා.මේ බස් රථයේ අපේ ස්ථිර ආසනය වූයේ පිටුපස ආසනය.
ගමන ඇරඹී මුල් විනාඩි 15 පහුවුණු පසු බස් රථයෙන් 3/4ක් පමණ හිස් වන්නේ මගදී හමුවන හන්දියකින් බොහෝ මගීන් බැස යන නිසා.අපේ ගම් පළාත් කිට්ටු වන විට සිටින්නේ මගීන් 7,8ක් පමණ.එකම තැනින් බැස ගියත්,එකම බස් රථයේ එකම වෙලාවට පැමිණියත් ඒ බව අමතක කොන්දොස්තර අයියා ඔය නංගිලා කොහේටද?ටිකට් ගන්න ටිකට් කියාගෙන එන්නේ මේ වෙලාවට.
ඔය කාලේ ප්‍රධාන නගරයේ ඉඳන් අපේ ගම් පළාතට නියමිත ගාස්තුව රුපියල් 2.50යි.අපි බොහෝ වෙලාවට දෙන්නේ රුපියල් 5ක් හෝ 3ක්.හැමදාමත් කොන්දොස්තර අයියා ගාව ඉතුරු දෙන්න මාරු නෑ.ශත 50ක් අඩුවෙන් ඉතිරිය.තුන් දෙනා වෙන වෙනම මුදල් ගෙව්වත් එකට ගෙව්වත් එකම ප්‍රතිඵලය.කෙනෙක් නියමිත මුදල වන 2.50 ගෙවූවත් ඊළග කෙනාටත් එකම උත්තරය.
මුලදී ඒ හැටි ගානක් නැති වුණත් සතියක් විතර යද්දී අපිට මේක දැනුණා.අතීතාවර්ජනයකින් සාක්කිත් හොයා ගත්තා.හොඳ කල්පනාවකුත් ආවා ඔලුගෙඩි වලට.කරමු හොඳ වැඩක් කියලා හිතපු අපි දවස් කීපයක් තිස්සේ පොඩ්ඩක් මහන්සි වෙලා හොයා ගත්තා නිධානයක්.
දැන් මේ සඳුදා. සුපුරුදු පරිදි අපි ආවා. වෙලාවටම එදත් තියනවා අපේ අර කොන්දොස්තර අයියා වැඩ කරන බස් එක.ඉඳ ගත්තා සුපුරුදු ආසනේම.නිධානයෙන් කොටසක් පොඩි මල්ලක දාලා කෙනෙක් අරන් ඇවිත් තිබුණේ.දැන් බස් රථය ගමන් අරඹලා.අපි තුන් දෙනා හෙමින් සැරේ මල්ලේ තිබුණු නිධානෙ බෙදා ගත්තා.එසේ මෙසේයැ.හරියට ගැණ ගන්නත් එපැයි.ශත 25 කාසිම 10 ගානේ තුන්දෙනාගේම අතේ.දැන් නම් ශත 25 කාසි හොයාගන්නත් නැතිව ඇති.මුල්ම හන්දිය පහුවුණා.ඕන් එනවා අපේ කථා නායක කොන්දොස්තර අයියා සුපුරුදු වාක්යය කියාගෙන.අපිත් කිසිම විශේෂයක් නොපෙන්වා කාසි ටික දුන්නා. කොන්දා අය්යාගේ මූණ ඇදවෙලා ගියා.අපට හිනා පුපුරන්න ඔන්න මෙන්න.මොකක්දෝ කියන්න කට හදන කොටම අපි අතර හිටි කටකාරිය වුණු වයසින් බාල එකී,"අයියා ඔය මාරු සල්ලි වලින් අපිට අනිත් දවසෙ ඉතුරු සල්ලි දෙන්නකෝ එහෙනම් "
කියලා කියද්දීම කොන්දොස්තර අයියා හෙමින් සැරේ ලිස්සලා ගියා.අපිට හොඳටෝම හිනා.පස්සේ අපිත් මුකුත් නොවුණු ගානට බැහැලා ආවා.ඊළඟ දවසේ නම් කොන්දොස්තර අයියා අපි ළඟට ආවේ නෑ ටිකට් ගන්න.අපි බහින වෙලාවේ එදත් ශත 25 කාසි වලින්ම ගෙව්වා.කොන්දොස්තර අයියා එපා කියන්නයැ ඉතින්.අපේ රටේ වලංගු කාසියක්නේ.හැබැයි ඊට පස්සේ නම් කවදාවත් එයාගෙන මාරු සල්ලි නෑ කියලා නම් කියවුණේ නෑ.

Subscribe to:
Posts (Atom)